Thursday, March 13, 2014

කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය


    • දැක්ම

සමාජයීය ආර්ථීක මානසික හා අධ්‍යාත්මික සංවර්ධනයෙන් දේශයේ සංවර්ධනයට දායක වන නීරෝගි ජනතාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බිහි කිරීම.
    • මෙහෙවර

මහජනතාවගේ සහයෝගයෙන් අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දක්වමින් කාර්යක්‍ෂම, පිරිවැය කළමණාකරණයෙන් යුතු උසස් තත්ත්වයෙන් හා තිරසාර බවින් හෙබි සෞඛ්‍ය ප්‍රවර්ධන , රෝග නිවාරණ, රෝග ප්‍රතිකාර සහ පුනරුත්තාපන සේවාවන් සැපයීම තුලින් ජාතික තලයට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ අත්කර ගත හැකි ඉහළම සෞඛ්‍ය සේවා තත්ත්වය ළගා කර ගැනීම.
    • හැඳින්වීම

කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයෙන් කුරුණෑගල රෝහල හැර අනෙකුත් සියලුම නිවාරණ හා ප්‍රතිකාර සෞඛ්‍ය ආයතන පාලනය කෙරේ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අතරින් වැඩිම සෞඛ්‍ය ආයතන ප්‍රමාණය ඇති දිස්ත්‍රික්කය වනුයේද එයයි. මෙමගින් පාලනය වන විශාලතම රෝහල කුළියාපිටිය මූළික රෝහලයි
ආයතනය ප්‍රමාණය
  •  මූලික රෝහල් A කාණ්ඩය 1
  • මූලික රෝහල් B කාණ්ඩය 3
  •  ප්‍රාදේශීය රෝහල් A කාණ්ඩය 8
  •  ප්‍රාදේශීය රෝහල් B කාණ්ඩය 12
  •  ප්‍රාදේශීය රෝහල් C කාණ්ඩය 22
  • ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකය 54
  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 27
  • විශේෂිත ඒකක 9
  • එකතුව 136
කුළියාපිටිය මූළික රෝහල.
දිස්ත්‍රික්කයේ කුරුණෑගල ශික්‍ෂණ රෝහලට අමතරව වැඩිම පහසුකම් ඇති රෝහල මෙය වන අතර දැනට විශේෂඥ වෛද්‍යවරුන් 15ක් සාමාන්‍ය වෛද්‍යවරුන් 90ක කාර්යය මණ්ඩලයක් මෙයට අයත් ය.
මෙයට අමතරව ගල්ගමුව රෝහල දැනටමත් ජයිකා ව්‍යාපෘතිය යටතේ ආදර්ශ රෝහලක් බවට සංවර්ධනය වීම ආරම්භ වී ඇති අතර දඹදෙණිය රෝහල සඳහා මූලික සැලැස්මක් සකස් කර ඇති අතර රසායනාගාර පහසුකම් හා විශේෂ ප්‍රතිකාර ළදරු ඒකක සංවර්ධනය කර ඇත.
නිකවැරටිය රෝහලේ ඹෟෂධ ගබඩාව, දැඩි සත්කාර ඒකකය දැනටමත් සේවා සපයන අතර වෛද්‍ය නිල නිවාස සංකීර්ණයේ 40% පමන වැඩ අවසන් කර ඇත.

  • රෝග නිවාරණ අංශය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 31න් 21ක් දැනටමත් වෙන් වෙන්ව සේවා සපයන අතර තවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 4 ක් ස්ථාපිත කල යුතුය. මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 31 න් 16ක් අප දෙපාර්තමේන්තුවට අයත් ස්ථීර ගොඩනැගිලිවල පවත්වාගෙන යන අතර 9ක් කුළී පදනම මත පවත්වාගෙන යයි. මේවාට අමතරව විශේෂ ප්‍රතිකාර අංශ 11ක් ක්‍රියාත්මක වේ. එවා පහත දැක්වේ.




  • බරවා රෝග මර්දන අංශය
  • මැලේරියා රෝග මර්දන අංශය
  •  ලාදුරු රෝග මර්දන අංශය
  •  වසංගත රෝග විද්‍යා අංශය
  • මාතෘ හා ළමා සෞබ්‍ය අංශය
  • ජල භීතිකා රෝග මර්දන අංශය
  • දිස්ත්‍රික් ක්‍ෂ්‍ය රෝග මර්දන අංශය
  • ලිංගාශ්‍රිත රෝග මර්දන අංශය
  • බෝ නොවන රෝග මර්දන අංශය
  • වාහක රෝග මර්දන අංශය
  • සෞබ්‍ය ප්‍රවර්ධන හා අධ්‍යාපන අංශය
  • මානසික සෞබ්‍ය අංශය

ඩබ්. ඩී. අමරදේව

බ්. ඩී. අමරදේව උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ‍‍ගෞරවණීය කලාකරුවෙකි. 1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙළොව එළිය දුටු, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.
දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අමරදේව, දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස්ට දාව උපත ලැබුවකු විය. කුඩාකල දී අමරදේව සංගීතමය ආභාෂය ලැබුවේ තම පියාගෙනි. එමෙන්ම ඔහුගේ වැඩිමහලූ සහෝදරයෙකු ඉන්දීය ශාස්ත්‍රිය සංගීත ගුරුවරයෙකුද වුයේය.
අමරදේව අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙනි. ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත් වුයේය.
‘අශෝකමාලා’ චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයාවු මෙහොමඞ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස අමරදේව සම්බන්ධ කර ගත්තේය.
‘අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි. ලක්නව් හි පිහිටි බාත්ඛන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදැරූ අමරදේව පසුව ලංකාවට පැමිණ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළේය.
ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය විමසා බැලීම සදහා 1950 මැදභාගයේදී සිය ජන ගායනා ව්‍යාපෘතිය වෙනුවෙන් "පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා" වැනි උඩරට ශාස්ත්‍රීය නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය.එම සංගීත රටා එක් තනි තාලයක් වටා පමණක් ගෙතී ඇති බව හදුනා ගන්නා ඔහු, ඒවාට මධ්‍ය තාලයක් සදහා අනුගත වන පද මාලා එක් කිරීමට තීරණය කරයි.එහිදී එකල පැවැති ඇතැම් සීමා කිරීම් පසෙකලීමටද ඔහු පෙළඹෙයි.මේ අන්දමෙන් බාහිර තත්වයන්ගේද බලපෑම ලත්, සිංහල සංගීතයට අනන්‍ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට අමරදේව සමත්වෙයි. පසුව වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි වැනි කලාකරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සඳහාද ඔහු ක්‍රියාකාරීව දායක වෙයි.
පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්මදේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි.එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය.