දැක්ම
සමාජයීය
ආර්ථීක මානසික හා අධ්‍යාත්මික
සංවර්ධනයෙන් දේශයේ සංවර්ධනයට
දායක වන නීරෝගි ජනතාවක් කුරුණෑගල
දිස්ත්‍රික්කයෙන් බිහි කිරීම.
මෙහෙවර
මහජනතාවගේ
සහයෝගයෙන් අවශ්‍යතාවන්ට
ප්‍රතිචාර දක්වමින් කාර්යක්‍ෂම,
පිරිවැය
කළමණාකරණයෙන් යුතු උසස්
තත්ත්වයෙන් හා තිරසාර බවින්
හෙබි සෞඛ්‍ය ප්‍රවර්ධන ,
රෝග
නිවාරණ,
රෝග
ප්‍රතිකාර සහ පුනරුත්තාපන
සේවාවන් සැපයීම තුලින් ජාතික
තලයට සමගාමීව කුරුණෑගල
දිස්ත්‍රික්කයේ අත්කර ගත
හැකි ඉහළම සෞඛ්‍ය සේවා තත්ත්වය
ළගා කර ගැනීම.
හැඳින්වීම
කුරුණෑගල
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා
අධ්‍යක්‍ෂ කාර්යාලයෙන්
කුරුණෑගල රෝහල හැර අනෙකුත්
සියලුම නිවාරණ හා ප්‍රතිකාර
සෞඛ්‍ය ආයතන පාලනය කෙරේ.
ශ්‍රී
ලංකාවේ දිස්ත්‍රික්ක අතරින්
වැඩිම සෞඛ්‍ය ආයතන ප්‍රමාණය
ඇති දිස්ත්‍රික්කය වනුයේද
එයයි.
මෙමගින්
පාලනය වන විශාලතම රෝහල කුළියාපිටිය
මූළික රෝහලයි
ආයතනය
ප්‍රමාණය
- මූලික රෝහල් A කාණ්ඩය 1
- මූලික රෝහල් B කාණ්ඩය 3
- ප්‍රාදේශීය රෝහල් A කාණ්ඩය 8
- ප්‍රාදේශීය රෝහල් B කාණ්ඩය 12
- ප්‍රාදේශීය රෝහල් C කාණ්ඩය 22
- ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකය 54
- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 27
- විශේෂිත ඒකක 9
- එකතුව 136
දිස්ත්‍රික්කයේ
කුරුණෑගල ශික්‍ෂණ රෝහලට අමතරව
වැඩිම පහසුකම් ඇති රෝහල මෙය
වන අතර දැනට විශේෂඥ වෛද්‍යවරුන්
15ක්
සාමාන්‍ය වෛද්‍යවරුන් 90ක
කාර්යය මණ්ඩලයක් මෙයට අයත්
ය.
මෙයට
අමතරව ගල්ගමුව රෝහල දැනටමත්
ජයිකා ව්‍යාපෘතිය යටතේ ආදර්ශ
රෝහලක් බවට සංවර්ධනය වීම ආරම්භ
වී ඇති අතර දඹදෙණිය රෝහල සඳහා
මූලික සැලැස්මක් සකස් කර ඇති
අතර රසායනාගාර පහසුකම් හා
විශේෂ ප්‍රතිකාර ළදරු ඒකක
සංවර්ධනය කර ඇත.
නිකවැරටිය
රෝහලේ ඹෟෂධ ගබඩාව,
දැඩි
සත්කාර ඒකකය දැනටමත් සේවා
සපයන අතර වෛද්‍ය නිල නිවාස
සංකීර්ණයේ 40%
පමන
වැඩ අවසන් කර ඇත.
රෝග නිවාරණ අංශය.
සෞඛ්‍ය
වෛද්‍ය නිලධාරී කාර්යාල 31න්
21ක්
දැනටමත් වෙන් වෙන්ව සේවා සපයන
අතර තවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
කාර්යාල 4
ක්
ස්ථාපිත කල යුතුය.
මෙම
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල
31 න්
16ක්
අප දෙපාර්තමේන්තුවට අයත්
ස්ථීර ගොඩනැගිලිවල පවත්වාගෙන
යන අතර 9ක්
කුළී පදනම මත පවත්වාගෙන යයි.
මේවාට
අමතරව විශේෂ ප්‍රතිකාර අංශ
11ක්
ක්‍රියාත්මක වේ.
එවා
පහත දැක්වේ.
- බරවා රෝග මර්දන අංශය
- මැලේරියා රෝග මර්දන අංශය
- ලාදුරු රෝග මර්දන අංශය
- වසංගත රෝග විද්‍යා අංශය
- මාතෘ හා ළමා සෞබ්‍ය අංශය
- ජල භීතිකා රෝග මර්දන අංශය
- දිස්ත්‍රික් ක්‍ෂ්‍ය රෝග මර්දන අංශය
- ලිංගාශ්‍රිත රෝග මර්දන අංශය
- බෝ නොවන රෝග මර්දන අංශය
- වාහක රෝග මර්දන අංශය
- සෞබ්‍ය ප්‍රවර්ධන හා අධ්‍යාපන අංශය
- මානසික සෞබ්‍ය අංශය
හරි ෂෝක් නේ!
ReplyDelete